Featured Post

මුං ශාකයේ විවිධ භාවිතයන්

  මුං ශාකයේ විවිධ භාවිතයන් 1. ආහාර ද්‍රව්‍යක් ලෙස ( මුං ඇට) පරිභෝජනය කිරීම  1.1 ශ්‍රී ලාංකිකයින් විසින් මුං බීජ ආහාරයක් ලෙස පරිභිජනය කරන ආ...

Pages

Tuesday, July 28, 2020

ශ්‍රී ලංකාවේ මුං වගාව ආශ්‍රිත සංඛ්‍යාලේඛන සහ දත්ත

ශ්‍රී ලංකාවේ මුං වගාව ආශ්‍රිත සංඛ්‍යාලේඛන සහ දත්ත

           

     1. මුං වගාවේ ව්‍යාප්තිය

පාරිසරික සාධක සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ වියලි සහ අතරමැදි කලාපයේ මුං වගා කිරීම සඳහා වඩාත් උචිත තත්වයක් පවතින නමුත් දිස්ත්‍රික්ක 22ක් පුරා කුඩා හෝ මහා පරිමාණයෙන් මුං වගාව ව්‍යාප්තව පවතී. එහිදී යල සහ මහ කන්න දෙකෙහිම මුං වගාව සිදු කරනු ලැබේ.

ප්‍රස්තාර අංක 1: 2000 සිට 2018 වසර දක්වා ශ්‍රී ලංකාවේ මුං වගා වපසරියේ විචලනය
මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 

පසු ගිය වසර 18ක දත්ත සංස්ලේෂණය කර බැලීමේදී පෙනී යන්නේ මුං වගා වපසරියේ ව්චල්‍යතාවයන් පවතින බවයි. මහ කන්නයේ වගා වපසරිය 2000 වසරේ සිට ක්‍රමයෙන් අඩු වැඩි වීම් වලට භාජනය වී ඇති අතර එම කාලය තුල උපරිම වගාවක් 2000 වසරේදී සිදු වී ඇති අතර එය හෙක්ටයාර 9716ක් වේ. නමුත් ඉන් පසුව එම අගය ඉක්මවා මහා කන්නයේ වගාවක් සිදු වී නොමැත. 2017 වසරෙදි මහා කන්නයේ අවම වගා වපසරිය පෙන්නුම් කරන අතර එය නැවතත් 2018 වසර වන විට වැඩි වී ඇත. යල කන්නයේ වගා වපසරිය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ක්‍රමයෙන් 2000 වසරේ සිට සුළු විචල්‍යතාවයන් පෙන්නුම් කලද සමස්තයක් ලෙස වගා වපසරිය වැඩි වී ඇති බවය. 

2013 සිට 2016 දක්වා වසර හතරක කාල සිමාව තුලදී යල කන්නයේ උපරිම වගාවක් සිදු වී ඇත. ඉන් ඉහලම අගයක් 2014 වසරේදී අත්පත්  කර ගෙන ඇති අතර එය හෙක්ටයාර 5359වේ. කෙසේ වෙතත් දිවයිනේ සමස්ත වගා වපරිය ලෙස යල සහ මහා කන්න දෙකෙහි එකතුව ගත් විට ක්‍රමයෙන් අඩු වැඩි වීම් දක්නට ලැබේ. එහිදී 2016 වසරේ සිට 2017 වසර වනවිට හෙක්ටයාර 11302 සිට 7371 දක්වා මුං වගා වපසරිය හෙක්ටයාර 3931කින් පමණ සීග්‍ර පසු බෑමකට ලක්ව තිබේ. නමුත් 2011 වසරේ සිට ක්‍රමයෙන් මුං වගා වපසරිය වර්ධනය වෙමින් පවතින බව පැහැදිලි වන අතර එයට ප්‍රධාන හේතුවක් ලෙස රජය විසින් මුං වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉහල දායකත්වයක් ලබා දීම හඳුනා ගත හැකිය. එහිදී, අතරමැදි කන්නයන්ගේ වගා කිරීම ප්‍රවර්ධනය කිරීම, ගුණාත්මක බීජ සැපයීම, තෝරා ගත් ප්‍රදේශවල මුං ගොවින්හට දීමනා ලබාදෙමින් ඔවුන් ධෛර්යමත් කිරීම වැනි උපායමාර්ග රජ විසින් ක්‍රියාත්මක කරන ලදී. 

1.2 මුං වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්කයන්ගේ වගා වපසරියේ විචලනය 

පසු ගිය වසර පහක කාලය තුල එක් එක් දිස්ත්‍රික්කයන්ගේ මුං වගාව සිදු කල වපසරියන්ගේ සාමාන්‍ය අගය සහ නිෂ්පාදනය සම්බන්ධ දත්ත පහත වගුව මගින් නිරුපනය කර ඇත. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය වැඩිම වගා වපසරියක් දරන අතර මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක පිලිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනියි.  එම දිස්ත්‍රික්ක තුනෙහි සමස්ත එකතුව 56% වන අතර එය දිවයිනේ සමස්ත වගා වපසරියට අරි අඩකටත් වඩා වැඩි අගයක් ගනියි. ගාල්ල, කෑගල්ල සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක අවම වගා වපසරින්ට හිමිකම් කියන අතර බස්නාහිර පළාතේ කිසිඳු දිස්ත්‍රික්කයක මුං වගාව සිදු කරනු නොලැබේ.       

වගු අංක 1: 2014 සිට 2018 දක්වා කාල සීමාව තුල දිස්ත්‍රික් මට්ටමින් සාමාන්‍ය මුං වගා වපසරිය,  නිෂ්පාදනය සහ ඒවායේ ප්‍රතිශතය 

 

දිස්ත්‍රික්කය

සාමාන්‍ය වගා වපසරිය (හෙක්ටයාර)

%

සාමාන්‍ය නිෂ්පාදනය (මෙ.ටො)

%

1

හම්බන්තොට

2516

24.9

3632.6

28.7

2

මොනරාගල

1883.6

18.7

2141.8

16.9

3

කුරුණෑගල

1566.9

15.5

1177

9.3

4

අනුරාධපුරය සහ H කලාපය

693.4

6.9

955.4

7.6

5

අම්පාර

484.5

4.8

800

6.3

6

පුත්තලම

403.6

4.0

573

4.5

7

රත්නපුර

337.4

3.3

367.6

2.9

8

මුලතිව්

332.3

3.3

385

3.0

9

කිලිනොච්චි

321.6

3.2

297.2

2.4

10

බදුල්ල

232.0

2.3

235.2

1.9

11

වවුනියා

231.8

2.3

267

2.1

12

මාතලේ

225.1

2.2

448.6

3.5

13

ත්‍රිකුණාමලය

224.0

2.2

408.4

3.2

14

පොළොන්නරුව

201.7

2.0

328.6

2.6

15

යාපනය

120.4

1.2

94.4

0.7

16

මන්නාරම

102.9

1.0

104.4

0.8

17

මඩකලපුව

72.9

0.7

76.4

0.6

18

මාතර

49.1

0.5

77.2

0.6

19

මහනුවර

43.8

0.4

104.8

0.8

20

නුවරඑලිය

34.2

0.3

127.8

1.0

21

කෑගල්ල

17.6

0.2

37.8

0.3

22

ගාල්ල

1.7

0.0

1

0.0

 

ශ්‍රී ලංකාව

10096

100.0

12641

100

මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මුං වගාව ප්‍රධාන වශයෙන් හම්බන්තොට, මොනරාගල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුන තුළ සිදුකරනු ලැබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසු ගිය වසර 5 තුල වගා වපසරිය සමස්තයෙන් 25% නියෝජනය කරනු ලැබේ. ප්‍රස්ථාර අංක 2 මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසු ගිය වසර 18 තුල වගා වපසරියේ විචලනය නිරුපනය වේ.

 
ප්‍රස්ථාර අංක 2: 2000 සිට 2018 වසර දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං වගා වපසරියේ විචලනය
මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 

ඉහත ප්‍රස්තාර මගින් නිරුපනය වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ යල සහ මහ කන්න දෙකෙහි වගා වපසරියේ ඉතා කැපී පෙනෙන විචලනයක් දක්නට ලැබේ. 2009 වසර වන තුරු යල කන්නයේ වපසරිය අඩු අගයක පැවති අතර 2010 සිට එය ක්‍රමයෙන් වර්ධනය වීම ආරම්භ වී ඇත. 2009 සිට 2010 වසර වන විට 945% කින් යල කන්නයේ වගා වපසරිය වැඩි වී ඇති අතර උපරිම ප්‍රමාණය වන හෙක්ටයාර 2463 ක් 2014 වසරේදී අත් පත් කර ගෙන ඇත. මහා කන්නයේ වගාව සුළු විචලනයන් සහිතව ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති බව පැහැදිලි වේ. 2010 සිට 2017 වසර දක්වා කාලය තුලදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ යල කන්නයේ වගා වපසරිය සෑම විටම මහ කන්නයේ වගා වපසරිය ඉක්මවා ගොස් ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත වගා වපසරිය දෙස බලන විට එය ක්‍රමයෙන් වැඩි වී ඇති අතර උපරිම අගය 2014 වසරේදී ලබා ගෙන ඇත. 2014 වසරේදී දිවයිනේ සමස්ත මුං වගාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය 31% දායකත්වයක් ලබා දී ඇත. මෙයට බලපෑ මුලික හේතුව වන්නේ එම වසරේ යල කන්නයේ වගාව ඉතා ඉහල අගයක් ගැනීමයි. 


ප්‍රස්ථාර අංක 2: 2000 සිට 2018 වසර දක්වා මොණරාගල දිස්ත්‍රික්කයේ මුං වගා වපසරියේ විචලනය

මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 

මොණරාගල දිස්ත්‍රික්කයේ යල කන්නයට සාපේක්ෂව මහ කන්නයේ ඉතා ඉහල වගා වපසරින් පවතින අතර පසු ගිය කාලය පුරා යල කන්නයේ වගා වපසරිය ඉතා අවම විචලනයක් පෙන්නුම් කරයි. 2011 සහ 2017 වර්ෂවලදී  මහ කන්නයේ වගා වපසරියේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබෙන අතර එය සමස්ත වගා වපසරියටද බලපෑමක් ඇති කර තිබේ. මෙම කාල සීමාව තුලදී උපරිම වගා වපසරිය වන හෙක්ටයාර 2669 ක් 2003 වර්ෂයේදී අත් කර ගෙන තිබේ. සමස්තයක් ලෙස ගත කල මොණරාගල දිස්ත්‍රික්කයේ මුං වගා වපසරිය ක්‍රමයෙන් අඩු ඇති බව පැහැදිලිවේ.


ප්‍රස්ථාර අංක 2: 2000 සිට 2018 වසර දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුං වගා වපසරියේ විචලනය

මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 

 

ඉහත ප්‍රස්තාරය අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ මුං වගා වපසරිය ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති බව පැහැදිලි වන අතර යල කන්නයේ ක්‍රමයෙන් වැඩි වී ඇත. වසර 18ක කාල සිමාව පුරා සමස්ත වගා වපසරිය යම් විචලනයන් සහිතව ක්‍රමයෙන් අඩු වී ඇත. එහිදී, 2015 වර්ෂයේදී උපරිම වපසරියක්ද 2017 වර්ෂයේදී අවම වපසරියක්ද හිමි වී ඇත.

1.3 පළාත් මට්ටමින් මුං වගා කරන වපසරියේ විචලනය 

     වගු අංක 2 මගින් පසු ගිය වසර පහක කාලය තුල පළාත් මට්ටමින් මුං වගා කල වපසරිය සහ ඒවායේ ප්‍රතිශතය සාරාංශගත කොට නිරුපනය කර ඇත. ඒ අනුව සලකා බැලීමේදී පෙනී යන්නේ ලංකාවේ සමස්ත පළාත් නවයෙන් බස්නාහිර පළාත හැර සෙසු සියලු පළාත් තුල මුං වගාව සිදු කරන බවය. එහිදී, දකුණු පළාත ප්‍රමුඛස්ථානය හිමි කර ගන්නා අතර එය රටේ සමස්තයෙන් 25% නියෝජනය කරයි. ඌව සහ වයඹ පළාත් පිලිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමි කර ගනියි. මෙම පළාත් අනුපිලිවෙලට ප්‍රධානතම හේතුව වනුයේ ඉහලම වගා වපසරින් හිමි දිස්ත්‍රික්කයන් වන පිලිවෙලින් හම්බන්තොට, මොනරාගල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක එම පළාත් තුල අන්තර්ගත වීමය.

     වගු අංක 2: 2014 සිට 2018 දක්වා කාල සීමාව තුල පළාත් මට්ටමින් මුං වගා වපසරිය සහ එහි  ප්‍රතිශතය  

          

 

පළාත

සාමාන්‍ය වගා වපසරිය (හෙක්ටයාර)

%

1

දකුණු

2566

25

2

ඌව

2116

21

3

වයඹ

1971

20

4

උතුරු

1109

11

5

උතුරුමැද

895

9

6

නැගෙණහිර

781

8

7

සබරගමුව

355

4

8

මධ්‍යම

303

3

 

ශ්‍රී ලංකාව

10095

100

 මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

      1.4 ශ්‍රී ලංකාවේ මුං වගා වපසරිය විචලනය වීමේ ප්‍රවණතාව -පාදක වර්ෂය 2000

      ශ්‍රී ලංකාවේ සමස්ත මුං වගා වපසරිය 2000 වසරට සාපේක්ෂව විචලනය සලකා බැලීමේදී ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති බව පැහැදිලි වේ. නමුත්, යල කන්නයේ එම අගය 2009 වසරෙන් පසුව සීග්‍රයෙන්  වර්ධනය වීම විශේෂ කරුණකි. එහිදී 2010 වසරේදී 104% සිට ක්‍රමයෙන් 2014 වන විට 165% දක්වා වර්ධනය වී ඇත. එහෙත් මහ කන්නයේදී කිසිදු වර්ධනයක් සිදු වී නොමැත.

     

     ප්‍රස්තාර අංක 3  : ශ්‍රී ලංකාවේ මුං වගා වපසරිය විචලනය වීමේ ප්‍රවණතාව -පාදක වර්ෂය 2000

     මුලාශ්‍රය: මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  




0 comments:

Post a Comment