ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනය
5.1.1 1. 2000 සිට 2018 වසර දක්වා ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනයේ විචලනය
පසු ගිය වසර පහක කාලය තුල ශ්‍රී ලංකාවේ වාර්ෂික මුං අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 25128 වන නමුත් රට තුල සාමාන්‍ය මුං නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 12640 පමණ වේ. ඉතිරි අවශ්‍යතාවය ආනයනය කිරීම තුලින් සම්පුර්ණ කර ගනියි. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, 2016-2018 අභිමතාර්ථයන්ට අනුකුලව ශ්‍රී ලංකාවේ මුං ආනයනය සිමා කරමින් රට තුල දේශීය නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා තුන් වන කන්නයේ වගා කිරීම ප්‍රවර්ධනය සඳහා වැඩි අවදානයක් යොමු කර ඇත.
ප්‍රස්තාර අංක 1: 2000 සිට 2018 වසර දක්වා ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනයේ විචලනය
මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
වසර 18 කාල පරාසය දෙස බලන විට ශ්‍රී ලංකාවේ සමස්ථ මුං නිෂ්පාදනය සුළු විචල්‍යයන් සහිතව ක්‍රමයෙන් වැඩි වීමක් නිරුපනය කරන අතර 2015 වසරේදී මෙ.ටො. 15505 වන උපරිම අගයක් ලබා ගෙන ඇත. 2009 වසරෙන් පසුව නිෂ්පාදනය සීග්‍රයෙන් වර්ධනය වීම ආරම්භ වී ඇත. එහෙත් මහ කන්නයේ නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති බව පැහැදිලි වන අතර එයට සාපේක්ෂව යල කන්නයේ නිෂ්පාදනය වැඩි වී ඇත. 2009 වසරෙන් පසුව යල කන්නයේ නිෂ්පාදනය සීග්‍රයෙන් වර්ධනය වී ඇති අතර 2015 වර්ෂය වන විට එය උපරිමය දක්වා ලඟා වී ඇත. ඉහත ප්‍රස්තාර දෙස බැලීමේදී පැහැදිලි වනුයේ 2009 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ සමස්ත මුං නිෂ්පාදනය වැඩි වීම සඳහා සෘජු ලෙස බලපා ඇති කාරණය වනුයේ යල කන්නයේ නිෂ්පාදනය ඉහල යාම බවය. යල කන්නයේ නිෂ්පාදනය ඉහල යාම සඳහා සෘජු ලෙසම බලපාන කාරණය වනුයේ 2009 වර්ෂයෙන් පසුව යල කන්නයේ වගා වපසරිය ක්‍රමයෙන් වැඩි වීමයි එම කාලය තුල බලයට පත් රජයන් අතිරේක ආහාර බෝග නිෂ්පාදනය ඉහල දැමීම සඳහා වැඩි අවදානයක් යොමු කරමින් විවිධ වැඩසටහන් දියත් කිරීම සහ ප්‍රතිපාදන සම්පාදනය කිරීම හේතුවෙන් මුං ගොවීන්වැඩි වශයෙන් වගාව සඳහා යොමි වී ඇත. කෙසේ වෙතත් 2015 න් පසුව යල කන්නයේ නිෂ්පාදනය නැවතත් ක්‍රමන් අඩු වී ගොස් ඇති අතර සමස්ත නිෂ්පාදනයද අඩු වී ඇත.
5.1.1 2. පළාත් මට්ටමින් මුං නිෂ්පාදනය සිදු කිරීම
පසුගිය වසර 5ක කාල සීමාව තුල ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනයේ සාමාන්‍ය අගයන් සැලකීමේදී වගා වපසරියට අනුරුපීව මුං ඵලදාව අතින් දකුණු, ඌව සහ වයඹ පළාත් ඉහල ස්ථානයන් හිමි කර ගෙන ඇත (වගු අංක 3). ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදනයෙන් 62% ක ප්‍රමාණයක් මෙම පළාත් තුන මගින් දායක කර ඇත. එහිදී දකුණු පළාත ප්‍රමුඛතම ස්ථානය (29%) හිමි ගර ගන්නා අතර ඌව සහ වයඹ පළාත් පිලිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගෙන ඇත. මුං නිෂ්පාදනය අතින් දකුණු පළාත ප්‍රමුඛ වීමට ප්‍රධානතම හේතුව බවට පත් වන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම මුං වහා වපසරියක් සහ නිෂ්පාදනයක් ඇති හම්බන්තොට දිස්ත්‍රික්කය මෙම පළාත තුල පිහිටා තිබීමය.
වගු අංක 3: 2014 සිට 2018 දක්වා කාල සීමාව තුල පළාත් මට්ටමින් මුං නිෂ්පාදනය සහ එහි ප්‍රතිශතය
|
පළාත |
සාමාන්‍ය
නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්) |
% |
1 |
දකුණ |
3710.4 |
29.4 |
2 |
ඌව |
2377 |
18.8 |
3 |
වයඹ |
1750 |
13.8 |
4 |
උතුරු මැද |
1284 |
10.2 |
5 |
නැගෙනහිර |
1284.8 |
10.2 |
6 |
උතුරු |
1148 |
9.1 |
7 |
මධ්‍යම |
681.2 |
5.4 |
8 |
සබරගමුව |
405.4 |
3.2 |
|
ශ්‍රී ලංකාව |
12640.8 |
100.0 |
හම්බන්තොට
දිස්ත්‍රික්කය මගින් රටේ සමස්ත නිෂ්පාදනයට 28.7% ක මුං ඵලදාවක් ලබාදෙයි. මෙහි
විශේෂත්වය වනුයේ 2009 වසරෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං නිෂ්පාදනය මහ
කන්නයට සාපේක්ෂව යල කන්නයේදී සීග්‍රයෙන් ඉහල යමයි (ප්‍රස්තාර අංක 5). අතරමැදි
කන්නයන්ගේ මුං වගාව සිදු කිරීම සඳහා
හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගනිමින් පසුගිය රජයන් විසින් විශේෂ මුං වගා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම
ඉහල ඵලදාවක් අත්පත් කර ගැනීමට හේතු වී ඇත. ඌව පළාත තුල මොනරාගල දිස්ත්‍රික්කයත්
වයඹ පළාත තුල කුරුණෑගල දිස්ත්‍රික්කයත් යන දෙවනුව සහ තෙවනුව වැඩිම නිෂ්පාදනයන් ඇති
දිස්ත්‍රික්ක අන්තර්ගත වීම තුලින් එම පළාත්ද ඉහල නිෂ්පාදන අගයන් අත් පත් කර ගෙන
ඇත. අවම නිෂ්පාදනයක් සිදු කරන්නේ සබරගමුව දිස්ත්‍රික්කයයි.
ප්‍රස්තාර
අංක 5: 2000 සිට 2018 වසර දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං නිෂ්පාදනයේ
විචලනය
මුලාශ්‍රය:
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
3. 2000 පාදක වර්ෂයට අනුව ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනය විචලනය
2000 වර්ෂයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදන විචලනය සලකා බැලීමේදී මහ කන්නයේ නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති අතර එය සැමවිටම 100% ට වඩා අඩු අගයක් ලබා ගෙන ඇත. එහෙත් යල කන්නයේ අස්වැන්න ක්‍රමයෙන් 2009 වසරෙන් පසුව සීග්‍රයෙන් වැඩි වී ඇති අතර 2015 වසරේදී 266% වන උපරිම අගයක් ලබා ගෙන ඇත. යල කන්නයේ අස්වැන්නේ සීග්‍ර වැඩි වීම හේතුවෙන් සමස්ත අස්වැන්නද 2009 වසරෙන් පසුව ක්‍රමයෙන් වැඩි වී ගොස් ඇත.
ප්‍රස්තාර අංක 6 :
ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනය විචලනය වීමේ ප්‍රවණතාව
-පාදක වර්ෂය 2000
මුලාශ්‍රය: මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
4. මුං නිෂ්පාදනය ඵලදායිතාවය
ප්‍රස්තාර
අංක 6: 2000 සිට 2018 වසර දක්වා ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනයේ ඵලදායිතාවය
මුලාශ්‍රය:
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී
ලංකාවේ මුං
වගා කරන ඒකක භුමි ප්‍රමාණයකින් නෙලා ගැනීමට හැකි අස්වැන්න හෙවත් ඵලදායිතාවය පිලිබඳ
සලකා බැලීමේදී 2009 වසරෙන් පසුව සීග්‍රයෙන් ඵලදායිතාවය වර්ධනය වී ඇති බව පැහැදිලි
වේ. මෙහි විශේෂත්වය වනුයේ සමස්ත නිෂ්පාදනයේ ඵලදායිත්වයට සාපේක්ෂව යල කන්නයේ
ඵලදායිතාවය 2009 වසරෙන් පසුව සීග්‍ර ලෙස වර්ධනය වී තිබීමයි. 2001 සහ 2003 වර්ෂ දෙක
හැරුන විට ශ්‍රී ලංකාවේ සමස්ත මුං නිෂ්පාදන ඵලදායිතාවය 2000 පාදක වසරට සාපේක්ෂව 100% ට වඩා වැඩි අගයන්
ලබා ගෙන ඇත (ප්‍රස්තාර අංක 7). 2009 වසරෙන් පසුව මෙය සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන
අතර 2015 වසරේදී ඵලදායිතාවය 147% ක අගයක්
ලබා ගෙන ඇත.
ප්‍රස්ථාර අංක 7: ශ්‍රී
ලංකාවේ මුං නිෂ්පාදන ඵලදායීතාව
විචලනය වීමේ ප්‍රවණතාව -පාදක වර්ෂය 2000
මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
0 comments:
Post a Comment