සම්භවය සහ ව්‍යාප්තිය
මුං ශාකය Mung bean/Green gram ලෙස ඉංග්‍රීසි ව්‍යවහාරයෙන්ද, பயத்தம்பருப்பு
(පයත්තම්පරුප්පු ) ලෙස දමිල ව්‍යවහාරයෙන්ද උද්භිත විද්‍යාත්මකව Vigna radiata (L.) R.
Wilczek) ලෙසද හඳුන්වනු ලැබේ. ලෙගියුමිනේසියේ හෙවත් රනිල කුලයට අයත් මුං ශාකය මිනිස් පරිභෝජනය සඳහා
හාවිතා කරන ආහාර බෝගයක් මෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදන සංඝටකයක් ලෙසට ඉතා ප්‍රචලිත වේ. එපණක්
නොව මුං ශාකයේ මූල පද්ධතිය මගින් වායුගෝලයේ අන්තර්ගත නයිට්‍රජන්
පස මත තිර කිරීමේ විශේෂ හැකියාවක් පවතින බැවින් පසේ පෝෂණ ගුණය ඉහළ දැමීම සඳහා මුං
වගා කිරීම බොහෝ වගා බිම්වල සිදු කරනු ලැබේ.
ඉන්දියානු උපමහද්විපික කලාපයෙන් සම්භවය වූ මුං ශාකය ක්‍රිස්තු පූර්ව
1500ට පෙර සිටම ගෘහාශ්‍රිතව භාවිතා කර තිබූ බවට සාධක හමු වී ඇත. පසු කාලීනව එය දකුණු හා නැගෙනහිර ආසියාව, අප්‍රිකාව, ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යන්ට හඳුන්වා දී තව දුරටත් ව්‍යාප්ත වී ඇත (https://tenochtitlan.omeka.net/exhibits/show/zongzi/mung-beans). කෙසේ වෙතත් වර්තමානය වන විට වඩාත් සාර්ථක ලෙස මුං වගා කිරීම දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ රටවල විශේෂයෙන් ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල දක්නට ලැබේ. ලෝකයේ මුං වගා කරන සමස්ත වගා වපසරියෙන්
75% ක ප්‍රමාණයක් මෙන්ම සමස්ත නිෂ්පාදනයෙන්
58%ක දායකත්වයක් දකුණු ආසියානු කලාපීය රටවල් විසින්
දරනු ලබයි.
ඉතිහාසය සාක්ෂි දරන පරිදි ශ්‍රී
ලංකාව
තුල
මුං
වගාව ඈත අතීතයේ පටන් සිදු
කර තිබු බවත් හේන් වගාවේදී මෙය ඉතා සුලභව භාවිතා කල බෝගයක් වන අතර වර්තමානය වන විට මහා පරිමාණ වගාවන් දක්වා විකසනය වී ඇත. ශ්‍රී ලංකාවේ වානිජමය වශයෙන් වගා කරන ධාන්‍ය බෝග අතුරින් මුං බෝගය ඉතා සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනියි. එහි අන්තර්ගත පෝෂණීය ගුණය හේතුවෙන් ශ්‍රී
ලංකාවේ නිෂ්පාදනය කරන ගර්භනී
සහ
ළදරු
ආහාරවල
(සමපෝෂ, ත්‍රිපෝෂ, යහපෝෂ,
සෙරිලක්) අනිවාර්ය සංඝටකයක්
ලෙස
මුං
ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි. එසේම දෛනික පරිභෝජනය සඳහා විවිධ ආකාරයෙන් සකස් කර ගැනීමේ හැකියාව (තැම්බූ මුං
ඇට, මුං
ව්‍යාංජනය, මුං
කිරිබත්, මුං කැවුම්, මුං
ගුලි, මුං අංකුර) අනෙකුත් ධාන්‍යවලට සාපේක්ෂව එය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වීමට හේතු සාධක වී ඇත. ශාක මුලික අනෙකුත් ප්‍රෝටීන ප්‍රභවයන් හා සැසඳීමේදී ප්‍රෝටීන බහුල රනිල බෝගයක් ලෙස මුං සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නා අතර බිජයක අඩංගු පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් 24% ම ප්‍රෝටීන වන අතර එයට අමතරව විටමින් සහ ඛනිජලවන වලින් අනුන වූ ඉතා පෝෂණීය ආහාරයක් වේ. විශේෂයෙන් නිර්මාංශික පුද්ගලයන් හට තම ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙන්ම අඩු ආර්ථික මට්ටම් සහිත පවුල්වලට මස් මාංශ මිලදී ගැනීමට අපහසු අවස්ථාවන් වලදී ඒ සඳහා ආදේශකයක් ලෙස රනිල බෝග වැදගත් වන අතර ඉන් මුං ඇට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී.
ශ්‍රී ලංකාවේ පහත රට වියලි සහ අතරමැදි කලාපවල මුං වගාව බහුලව සිදු කරන අතර එහි පවතින දේශගුණික සාධක මුං වගාව සඳහා වඩාත් උචිත වේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත
දිස්ත්රික්කවලින් දිස්ත්රික්ක 22ක් තුල මුං වගාව සිදු කරන අතර මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි සහ අම්පාර යන දිස්ත්රික්කවල බහුලව සිදු කරනු ලැබේ. ඉන් වැඩිම මුං වගාවක් මොනරාගල දිස්ත්රික්කය තුළ සිදු කරනු ලැබේ. හොඳින් ජල වහනය සිදු වන වැලි සහිත ලොම් පසක් මෙන්ම සෙන්ටිග්රේඩ් අංශක 25-35 අතර උෂ්ණත්වක් සහ වියලි පාරිසරික තත්වයන් මුං වගාව වඩාත් සාර්ථක ලෙස සිදු කිරීම සඳහා උචිත වේ. පවතින දේශගුණික තත්ත්ව යටතේ නුවරඑළිය, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල මුං වගාව ඉතා අවම මට්ටමකින් සිදු කරනු ලැබේ.
0 comments:
Post a Comment