මුං බෝගය වැඩිදියුණු කිරීම සහ නව ප්‍රභේද හඳුන්වා දීම
ශ්‍රී ලංකාව
තුල මුං බෝගය
වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ අධ්‍යන
සහ වැඩසටහන් දියත් කිරීම 1950 වසරේදී මහඉලුක්පල්ලම ප්‍රාදේශීය පර්යේෂණ ස්ථානය
පිහිටුවීමෙන් පසුව සිදු විය. මුල්ම අවධියේදී, අස්වැන්නේ ප්‍රමාණය, ඒකාකාරී පරිනතභාවය,
වර්ෂාපෝෂිත සහ වාරි ජලය යටතේ තනි ඵලදාවක් ලබා ගැනීමට ඇති හැකියාව වැනි විවිධ කරුණු
ඔස්සේ විදේශීය ප්‍රභේද ඇගයීමට ලක් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙසට 1964 වසරේදී
MI-1 සහ MI-2 ලෙස වයස මාස තුනක් වන නව ප්‍රභේද දෙකක් හඳුන්වා දෙන ලදී.
පසුව පර්යේෂණ අංශයේ වැඩි
අවදානයක් විදේශීය සහ දේශීය ජාන ප්ලාස්ම හඳුනා ගැනීම, එකතු කිරීම, ඒවා ඇගයීමට ලක්
කිරීම සහ තෝරා ගැනීමේ කටයුතු සඳහා යොමු කරන ලදී. මෙය 70 දශකයේ මුල් කාලය පුරාවටම
සිදු කරන ලදී.
නැවතත් 1969 වසරේදී,
ඉන්දියාවෙන් හඳුන්වා දෙන ලද වර්ග-51 (Type-51) ප්‍රභේදය මුං ගොවින් වෙත නිකුත් කරන ලදී. මෙම ප්‍රභේදය MI-1 ප්‍රභේදයට
වඩා කුඩා බීජ වලින් යුක්ත වන MI-1 සහ MI-2 ප්‍රභේදවල අස්වැන්නට වඩා වැඩි
අස්වැන්නක් (0.69 මෙ.ටො./හෙ) ලබා දෙයි. එසේම මෙය පරිනත වීමට දින 86 වැනි කෙටි
කාලයක් ගත වේ. එබැවින්, වර්ග-51 ප්‍රභේදය කෙටි කන්නයක් වන යල කන්නය සඳහා වඩාත්
උචිත බවට නිර්දේශ කරන ලදී.
නැවතත් 1971 වසරේදී MI-3 ප්‍රභ්දය හඳුන්වා දෙන ලදී. මෙය
කලින් S-16 ලෙස නම් කල අතර පසුව MI-3 බවට වෙනස් කරන ලදී. අක්කරයකින් මෙට්‍රික්
ටොන් 0.5-0.6 අතර අස්වැන්නක් ලබා දෙයි.
මුං භෝගය වැඩිදියුණු කිරීමේදී දෙමුහුම් තාක්ෂනය භාවිත
කිරීම 1970 වසරේදී ආරම්භ කල අතර වඩාත් සුපිරි ලක්ෂණ සහිත ප්‍රභේද විශේෂයෙන් විශාල
බීජ සහිත වීම, වැඩි අස්වැන්නක් සහ කලින් පරිනත වීම වැනි ලක්ෂණ වලින් යුක්ත ප්‍රභේද
ඇති කිරීම ඇති කිරීම මෙහි
මුලික අරමුණ විය. ශ්‍රී ලංකාවේ පලමු මුං දෙමුහුම් විශේෂය MI-4 නමින් 1974 වසරේදී
හඳුන්වා දෙන ලදී. එය වර්ග-51 සහ MI-1 ප්‍රභේද දෙක දෙමුහුම් කිරීමෙන් වැඩිදියුණු කර ඇත.
1970 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන
ලද ඇතැම් මුං ප්‍රභේදවල වෛරස රෝග ආසාදනයක් හඳුනා ගැනීමට හැකි විය. මෙය කහවන්
විචිත්‍ර වෛරස් රෝගය ලෙස හඳුනා ගෙන ඇත. මේ හේතුව නිසා මුං ගොවින් වැඩි පිරිසක් MI-1 සහ MI-2 ප්‍රභේද වගා
කිරීමෙන් ක්‍රමයෙන් ඉවත් වූ අතර 1977 වසර වන විට මෙම ප්‍රභේද දෙක නිදේශවලින්
සම්පුර්ණයෙන්ම ඉවත් කරන ලදී.
වර්තමානය වන විට මුං බෝගය වැඩිදියුණු කිරීම හා සම්බන්ධ විවිධ පර්යේෂණ වැඩසටහන් ඉහල අස්වැන්නක්, පාරිභෝගික රුචිකත්වය මෙන්ම රෝග හා පලිබෝධවලට ඉහල ප්‍රතිරෝදිතාවය යන කරුණු පදනම් කර ගනිමින් සිදු කරනු ලැබේ. එහිදී, AVRDC සහ ඉන්දියාවෙන් ලබා ගන්න ජාන ප්ලාස්ම යොදා ගනිමින් රෝගවලට ප්‍රතිරෝධී ප්‍රභේද වැඩිදියුණු කිරීම ආරම්භ කර ඇත.
වගු අංක 1: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැඩි දියුණු කර නිර්දේශ කරන ලද මුං ප්‍රභේද
ප්‍රභේදය |
නිකුත් කල වර්ෂය |
ලක්ෂණ |
MI-1 |
1964 පෙර |
|
MI-2 |
1964 පෙර |
|
වර්ග -51 |
1969 |
|
MI-3 |
1971 |
|
MI-4 |
1974 |
|
MI-5 |
1982 |
|
ආරි |
1999 |
|
MI-6 |
2004 |
|
MI-7 |
2018 |
|
මුලාශ්‍රය: කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව (https://www.doa.gov.lk/index.php/en/
), ගුණසේන, එච්.පි.එම් (2001),
ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය
0 comments:
Post a Comment