2. මුං ශාකයේ රූප විද්‍යාව
2.1 විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය (Kingdom) |
Plantae |
උප රාජධානිය (Subkingdom ) |
Tracheobionta |
වංශය (Division) |
Spermatophyta |
උප වංශය (Subdivision) |
Angiospermae |
වර්ගය (Class) |
Magnoliopsida/ Dicotyledonea |
ගෝත්‍රය (Order) |
Fabales/ Leguminosae |
කුලය (Family) |
Fabaceae/ Papilionoideae |
ගනය (Genus) |
Vigna |
උපගනය (Subgenus) |
Ceratotropis |
විශේෂය (Species) |
Vigna radiata (L.) R. Wilczek |
2.2 උද්භිත විද්‍යාත්මක ලක්ෂණ
a) කඳෙහි ස්වභාවය
මුං ශාකය ඉතා හොඳින් අතු බෙදුන අඩි එකක් පමණ උස්ව, ඍජුව වැඩෙන තරමක් බූව සහිත වාර්ෂික පඳුරු
ශාකයකි. ඇතැම් විට ශාකය කෙළවරදී කඳ දඟර ගැසී එතෙන ස්වභාවයක් ගනියි.
a) b) මූල පද්ධතිය
මුදුන් මුලක් සහිතය මුල පද්ධතිය පසේ අඟල් 9-12 පමණ (සෙන්ටි මීටර 23-30) ගැඹුරට වර්ධනය වේ. මුල්වල මූල ගැටිති සමුහයක් වර්ධනය වන නිසා වායුගෝලීය N ප්‍රයෝජ්‍ය කරමින් පසේ සාරවත්භාවය වැඩි කරයි.
a) c) පත්‍ර සහ පත්‍රිකා
කඳේ ඒකාන්තාරව තද කොළ හෝ ලා කොළ පාටින් යුක්තව පත්‍ර හට ගන්නා අතර ඒවා ත්‍රිපත්‍රීය
වේ. පත්‍ර සෙන්ටිමීටර 5-18 පමණ දිගකින් සහ සෙන්ටිමීටර 3-15 පමණ පළලින් යුතු වන අතර දිග වෘන්ත සහිත වේ. පත්‍රිකා අණ්ඩාකාර හැඩයක් ගනියි.
d) පුෂ්ප
පුෂ්ප මන්ජරියකි. කඳේ අග්‍රස්ථ කෙලවරේ පිහිටන මංජරිය පුෂ්ප 10-25කින් පමණ යුත් කක්ෂීය එකාක්ෂයකි. නිපත්‍රිකා අණ්ඩාකාර වන අතර මනියට වඩා දිගය. පුෂ්ප මුකුටය ලා කහ හෝ කොල පැහැ වේ.
e) කරල් සහ බීජ
සාමාන්‍යයෙන් බීජ සිටුවීමෙන් සති 6-8 කට පමණ පසු පුෂ්ප හට ගනු ලැබේ. පුෂ්ප
විවෘත්ත වන විට පවතින වර්ෂාව කරල් හට ගැනීම දුර්වල කරයි. සංසේචනයෙන් පසුව ඇතිවන
ලපටි කරල් කොළ පැහැ වන අතර මෙරිමේදී අලු හෝ දුඹුරු පැහැයට හැරේ. සාමාන්‍යයෙන් අඟල්
3-5 ක් පමණ දිගින් වැඩෙන කරල් දිගටි සිලින්ඩරාකාර වන අතර බූව සහිත වේ. බීජ 7-20
පමණ අඩංගු වේ. කුඩා ගොලිකා වැනි බීජ කොළ, කහ, ඔලිව් වැනි විවිධ වර්ණයන් ගන්න අතර
පුල්ලි සහිත වේ. බෝග ප්‍රභේදය අනුව බීජ ආවරණය දිලිසෙන හෝ අඳුරු ස්වභාවයක් ගනියි.
මුලාශ්‍රය: ගුණසේන, එච්.පි.එම් (2001), ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය සහ https://www.feedipedia.org/node/235
0 comments:
Post a Comment