Featured Post

මුං ශාකයේ විවිධ භාවිතයන්

  මුං ශාකයේ විවිධ භාවිතයන් 1. ආහාර ද්‍රව්‍යක් ලෙස ( මුං ඇට) පරිභෝජනය කිරීම  1.1 ශ්‍රී ලාංකිකයින් විසින් මුං බීජ ආහාරයක් ලෙස පරිභිජනය කරන ආ...

Pages

Thursday, September 3, 2020

ශ්‍රී ලංකාවේ මුං ආනයනය සහ අපනයනය

 ශ්‍රී ලංකාවේ මුං ආනයනය සහ අපනයනය 

1. මුං ආනයනය

පසුගිය වසර පහක කාලය තුල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික මුං නිෂ්පාදනය මෙ. ටො. 12640 වන අතර දේශීය අවශ්‍යතාවය මෙ.ටො. 25128 පමණ වේ. රටේ සමස්ත නිෂ්පාදනය දේශීය ඉල්ලුම සපුරාලීමට නොහැකි බැවින් එම නිෂ්පාදන ඌනතාවය පිරවීම සඳහා ඉතිරි ප්‍රමාණය රට තුලට ආනයනය කිරීමට සිදුවේ. ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාව, මියන්මාරය, තායිලන්තය සහ ඉන්දියාව යන රටවලින් ශ්‍රී ලංකාවට මුං  ආනයනය කිරීම සිදු වේ. පසු ගිය දසක දෙකකට ආසන්න කාලය දෙස බැලීමේදී ශ්‍රී ලංකාවට මුං ආනයනය කරන ප්‍රමාණය 2009 දක්වා ක්‍රමයෙන් වැඩි වී පසුව සීග්‍රයෙන් අඩු වී ඇත. එම කාල වකවානුව තුල ශ්‍රී ලංකාවේ මුං නිෂ්පාදනය ඉහල යාම මේ සඳහා හේතු වී ඇත. නිෂ්පාදන වියදම අතින් බැලු විට 2000 වසරේ සිට 2018 වසර වන විට ආනයන පිරිවැය රුපියල් මිලියන 173 සිට 2238 දක්වා 1293% කින් වැඩි වී ඇත. මෑතකාලීනව වැඩිම මුං ප්‍රමාණයක් වන මෙට්‍රික් ටොන් 16425 ක ආනයනයක් 2018 වසරේදී සිදු කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 2238 වැය වී තිබේ. වගු අංක අනුව 2018 වසරේදී රටේ සමස්ත උපයෝජ්‍ය මුං ප්‍රමාණයෙන් 62% ආනයනික මුං වලින් සම්පුර්ණ කර ගැනීමට හැකි වී තිබේ.   


ප්‍රස්ථාර අංක 7: ශ්‍රී ලංකාවට වාර්ෂිකව මුං ආනයනය කරන ලද  ප්‍රමාණය සහ වැය වූ පිරිවැය

මුලාශ්‍රය: රේගු දෙපාර්තමේන්තුව

මුං ආනයනය සඳහා දැරූ ඒකක පිරිවැය සැලකීමේදී අවම අගය 2000 වසරේදී මුං කිලෝ එකක් රුපියල් 25 ක් වූ අතර පසු කාලීනව ක්‍රමයෙන් එය වර්ධනය වී 2010 වසර වන විට රුපියල් 152 බවට පත් විය. නැවතත් 2017 වර්ෂය වන විට උපරිම අගය වන කිලෝ එකක් රුපියල් 177 දක්වා වර්ධනය වී ඇත.

ප්‍රස්ථාර අංක 7: ශ්‍රී ලංකාවටමුං ආනයනය කිරීම සඳහා වැය වූ ඒකක පිරිවැයහි විචලනය

මුලාශ්‍රය: රේගු දෙපාර්තමේන්තුව

ආනයනික මුං බීජ දේශීය ගොවින් නිෂ්පාදනය කරන බීජවලට සාපේක්ෂව ගුණාත්මයෙන් ඉහල අගයක් ගනියි. එහිදී, ගුණාත්මක බීජවල ලක්ෂණයන් වන විශාලත්වයෙන් ඉහල වීම, අපද්‍රව්‍ය නොමැති පිරිසිදු බීජ, පැහැදිලි වර්ණයක් සහ දීප්තිමත් ස්වභාවයක් ගැනීම සහ බීජවල රළු ගතිය අඩු වීම යන ලක්ෂණයන් ආනයනික මුං බීජවල අන්තර්ගත වී ඇත. මේ නිසා දේශීය මුං ගොවියා හට වෙළඳපොල සඳහා ඉහල තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදු වී ඇත. මුං ආනයනය විශේෂ භාණ්ඩ බදු යටතට අයත් වේ.

වගු අංක 1:  2000 සිට 20018 දක්වා ශ්‍රී ලංකාවේ දේශීය මුං නිෂ්පාදනය, ආනයනික ප්‍රමාණය, එහි ප්‍රතිශතය සහ සමස්ත උපයෝජ්‍යතාවය

වර්ෂය

දේශීය නිෂ්පාදනය

(මෙ.ටො)

ආනයන ප්‍රමාණය

(මෙ.ටො)

රටේ සමස්ත උපයෝජ්‍යතාවය  (මෙ.ටො)

ආනයනික ප්‍රමාණයේ අනුපාතය

%

2000

11695

6767

18462

37

2001

9716

8717

18433

47

2002

10324

7121

17445

41

2003

10605

8181

18786

44

2004

7808

12673

20481

62

2005

8997

9321

18318

51

2006

7975

11495

19470

59

2007

8513

12764

21277

60

2008

8878

13728

22606

61

2009

9258

14183

23441

61

2010

11703

11515

23218

50

2011

10535

10447

20982

50

2012

11956

7912

19868

40

2013

14252

7086

21338

33

2014

14352

5123

19475

26

2015

15055

11489

26544

43

2016

14544

13862

28406

49

2017

9392

15541

24933

62

2018

9856

16425

26281

62

 මුලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2. මුං අපනයනය 

ශ්‍රී ලංකාවේ ආනයනයට සාපේක්ෂව මුං අපනයනය ඉතා අවම ප්‍රමාණයෙන් සිදු කරන අතර එක්සත් යුරෝපිය රටවල් සහ මැද පෙරදිග රටවල් මෙහි ප්‍රධාන ගැනුම්කරුවන් ලෙස හැඳින්විය හැකිය. ප්‍රස්තාර අංක 7 ට අනුව අඩු සීග්‍රතාවයකින් වර්ධනය වන මුං අපනයනය 2010 වසරේදී සීග්‍ර ලෙස වර්ධනය වී නැවතත් අඩු වී ගොස් ඇත.    

ප්‍රස්ථාර අංක 7: ශ්‍රී ලංකාවේ  මුං අපනයන ප්‍රමාණය සහ වාර්ෂික අපනයන වටිනාකම

මුලාශ්‍රය: රේගු දෙපාර්තමේන්තුව

0 comments:

Post a Comment