මුං වගාව සඳහා නිර්දේශිත ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම්
5.1 1. පාංශු සහ දේශගුණික අවශ්‍යතා
හොඳින් ජලවහනය සිදුවන වැලි සහිත ලොම් පසක් මෙන්ම
සෙන්ටිග්‍රේඩ් අංශක 25-35 අතර උෂ්ණත්වයක් හා වියළි පාරිසරික තත්වය මුං වගාවට
බෙහෙවින්ම හිතකර වේ. මුං වගාව ආරම්භයේ සිට මල් හටගන්නා අවධිය දක්වා පසේ හොද
තෙතමනයක් පැවතීම සාර්ථක වගාවකට හේතු වුවත් කරල් මෝරන හා අස්වනු නෙලන අවධියේදී
වියළි කාලගුණික තත්ත්වයක් තිබීම අත්‍යාවශ්‍ය වේ. මේ අනුව,
අප රටේ පහතරට වියළි හා
අතරමැදි කලාපයන්හි මුං වගාව සදහා යෝග්‍ය පරිසර තත්ත්ව පවතී.
5.1 2. වගාව සිදු කරන කාලය
අස්වනු නෙලන අවධියේදි වියලි කාලගුණයක් තිබීම ඉහල ගුණාත්මයෙන් යුත් බීජ නිපදවීමට ඉතා වැදගත් වේ. එබැවින් කරල් වියළීම සිදුවන විට වියළි කාළගුණයක් තිබීම වගා කාලය තීරණය කිරීමේදී වැදගත් වේ. ජල සම්පාදිත තත්ත්ව යටතේ යල කන්නයේ අප්‍රේල් මස අවසන් සතියේ සිට මැයි මාසයේ පළමු දෙසතිය තෙක්ද වර්ෂාපෝෂිත තත්ත්ව යටතේදී ඔක්තෝම්බර් මාසය අගදී ද අතිරේක ජල සම්පාදනය කල හැකිවිට නොවැම්බර් මාසයේද බීජ සිටුවීමට යෝග්‍ය වේ. යල කන්නයේදී ප්‍රමාදවී වගා කරන විට කහවන් විචිත්‍ර වෛරී රෝගය හටගැනීමේ අවදානම වැඩිය.
5.1 3. මුං වගාව සඳහා සුදුසු වගා ක්‍රම
ශ්‍රී ලංකාව තුල මුං බෝගය මහ සහ යල කන්න දෙකෙහිම වගා කරන අතර මහ කන්නයේ බහුලව සිදු කරනු ලැබේ. වර්තමානය වන විට වර්ෂා ජලය, ප්‍රධාන වාර්මාර්ග පද්ධති, සුළු වාරි මාර්ග පද්ධති මෙන්ම වගා ලිං භාවිතා කරමින් මුං වගාව සිදු කරනු ලැබේ. වර්ෂාපෝෂිත උස් බිම්වල යල සහ මහ කන්නයේ තනි වගාවක් මෙන්ම අතුරු වගාවක් ලෙස කරනු ලැබේ. එසේම වර්ෂා පෝෂිත කුඹුරු ඉඩම් වල යල කන්නයේ තනි වගාවක් මෙන්ම අතුරු ලෙසද වගා කරනු ලැබේ.
ප්‍රධාන වාර්මාර්ග පද්ධති යටතේ වියලි කලාපයේ සමහර ප්රදේශවල මහ කන්නය අවසානයේ අස්වනු නෙලීමෙන් පසුව නැවත යල කන්නය ආරම්භ කරන තුරු පවතින අතර මැදි කාල සිමාව තුල කුඹුරු ඉඩමේ රැඳී ඇති තෙතමනය ප්රයෝජනයට ගෙන ඉපනැල්ලේ කෙටි කාලින රනිල බෝග වගා කරනු ලැබේ. එහිදී බොහෝ විට මුං බෝගය වගා කරනු ලැබේ. සමහර ප්රදේශවල මෙම කන්න දෙක අතර වාරි ජලය සපයාන අවස්ථාද ඇත. එවිට තුන් වන කන්නය ලෙස ජල සැපයුමක් සමඟ මුං වගාව සිදු කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම මැද කන්නය/තුන්වන කන්නයේ වගා කිරීම ආර්ථිකවශයෙන් ඉතා ලාභදායි වන්නේ යෙදවුම් ලෙස කිසිදු මුල්‍යමය පිරිවැයක් නොමැතිව කුඹුරේ ඇති පෝෂණය භාවිතා කරමින් වගාව සිදු කරන බැවිනි. සුළු වාරි මාර්ග පද්ධති යටතේ යල කන්නයේද මුං වගාව සාර්ථකව සිදු කරනු ලැබේ. මෙසේ අතර මැදි කන්නවලදී වගා කිරීමමේ ප්රවනතාවය අනුව ශ්රී ලංකාව තුල මුං භෝගය වගා කිරීමේ ඉහල විභවතාවයක් පවතින බව පැහැදිලි වේ.
5.1 4. අතරමැදි කන්නයන්ගේ මුං වගා කිරීම
අතරමැද කන්නයේදී මුං වගා කරන්නේ කුඹුරු වල ඉතිරි වී ඇති
පාංශු තෙතමනය ප්‍රයෝජනයට ගැනීමෙනි. වියළි කළාපයේ බොහෝ ප්‍රදේශ වල මහ කන්නයේ අස්වනු
නෙලීම පෙබරවාරි මසදී ආරම්භ වන අතර නැවත යල කන්නය සඳහා වගා කරන්නේ අප්‍රේල් මස අගදී
පමණය. මේ අතර කාලය මැද කන්නය ලෙස හැඳින්වේ.
කුඹුරුවල ශේෂවී ඇති තෙතමනය සහ මෙම කාලය තුලදී බලාපොරොත්තු වියහැකි අතරින්
පතර ලැබෙන වැසි උපයෝගී කර ගනිමින් කෙටි කාලීන රනිල බෝගයක් ලෙස මුං කුඹුරු වල වගා
කළ හැකිය. මෙය නඩත්තුව සඳහා වැඩි මහන්සියක් දැරීම අවශ්‍ය නැත.
මීට අමතරව සමහර ප්‍රදේශ
වල යල කන්නය සහ මහ කන්නය (ජූලි -ඔක්තෝම්බර්) අතර කාලය ජල සම්පාදන තත්ත්ව යටතේ මුං
වගාව සිදු කරයි. මෙය තුන්වන කන්නයේ මුං
වගාව ලෙස හැඳින්වේ. එහි අස්වැන්න වැඩි
මුදලකට ඉතා පහසුවෙන් අලෙවි කර ගත හැකියි.
මෙම වගාව සඳහා තෝරාගත යුත්තේ හොඳින්හෝ මධ්‍යස්ථ ලෙස ජලය බැස යන හෝ
කාන්දුවීම මගින් ජලය ලැබෙන කුඹුරු පමණි. ඉපනැල්ල තිබියදිම අවම බීජ සැකසීමක් යටතේ MI-6 වැනි කෙටිකාලීන ප්‍රභේද
මේ අන්දමට වගා කළ හැකිය.
|
කෙසේ වෙතත් මෙම මැද කන්නය/තුන්වන කන්නයේ වගා කිරීම
ආර්ථික වශයෙන් ඉතා ලාභදායි වන්නේ යෙදවුම්
ලෙස කිසිදු මුල්‍යමය පිරිවැයක් නොමැතිව කුඹුරේ ඇති පෝෂණය භාවිතා කරමින් වගාව සිදු
කරන බැවිනි. සුළු වාරි මාර්ග පද්ධති යටතේ
යල කන්නයේද මුං වගාව සාර්ථකව සිදු කරනු ලැබේ. මෙසේ අතර මැදි කන්නවලදී වගා කිරීමමේ ප්රවනතාවය
අනුව ශ්රී ලංකාව තුල මුං භෝගය වගා කිරීමේ
ඉහල විභවතාවයක් පවතින බව පැහැදිලි වේ (http://www.redcross.lk/main-news/45-days-of-magic-green-gram-cultivation-during-the-mid-season/).
5.1 5.බීජ අවශ්‍යතාවය හා පරතරය
පේලියට සිටුවීමේදී පේලි අතර සෙ.මී. 30 ක් ද පැල අතර
සෙ.මී. 10 ක්ද වන පරතරයට පැල එක බැගින් ද ඇලි හා වැටි ක්‍රමයට සිටුවීමේදී ඇලි අතර
සෙ.මී. 60 ක්ද වැටි අතර සෙ.මී. 10 ක්ද වන පරතරයට පැල දෙක බැගින් ද සිටුවීමට
හෙක්ටයාරයට බීජ කි.ග්‍රෑම් 30 ක් පමණ අවශ්‍යය වේ.
5.1 6. බීජ ප්‍රතිකාර
බීජ ප්‍රතිකාර කිරීම මගින් ශක්තිමත් පැලයක් වර්ධනය වන තෙක් අවශ්‍යය මුලික ආරක්ෂාව ලබාදි දිලීර රෝග පාලනය කර ගත හැක. මේ සඳහා බීජ කිලෝ ග්‍රෑමයකට පහත සදහන් දිලීර නාශකයක් භාවිතා කරනු ලැබේ.
කැප්ටාන් - ග්‍රෑම් 03
තිරාම් - ග්‍රෑම් 02
තිරාම් + තයෝෆනේට් මිතයිල් - ග්‍රෑම් 02
7. බිම් සැකසීම සහ සිටුවීම
ප්‍රථමයෙන්ම අදාළ වගා භුමියේ වල් පැල මර්ධනය කර පස
හොඳින් පෙරලා කැට පොඩි ගනියි. පසුව ජල
වහනය හොඳින් සිදුවන ආකාරයට කාණු යෙදූ ලියදි වල හෝ නියමිත පරතරයට සකස්කර ගත් වැටි
වල බීජ සිටුවීම කරනු ලැබේ.
බීජ සිටුවීමේදී එක් වලක පැල දෙකක් තබයි නම් පේලි අතර සෙ.මී. 60 ක්ද පැල අතර සෙ. මී. 10 ද ලෙස පරතරය තබා ගනු ලැබේ. එක් වලක සිටුවන්නේ එක පැලයක් නම් පේලි අතර පරතරය සෙ. මී. 30 ක්ද පැල අතර පරතරය සෙ. මී. 10 ක් ද ලෙස තබා ගනියි. සෙ. මී. 1-1.5 ක ගැඹුරකින් එක ස්ථානයකට බීජ 2-3ක් බැගින් වැපරීම කරනු ලබන අතර බීජ සිටුවා සති 02 කට පසුව නියමිත පරතරය අනුව පැල තුනී කිරීම කරනු ලැබේ. අධික පැළ ගහණය රෝග හා පළිබෝධ හානි වැඩි කිරීමට හේතු වේ (https://www.youtube.com/watch?v=2wAg0Ms1O0k) .
ලියදි ලෙස සිදු කල මුං වගාවක් |
වැටි යොදා සිදු කල මුං වගාවක් |
රනිල කුලයට අයත් බෝගයක් බැවින් මුං සඳහා එතරම් පොහොර
යෙදීමක් සිදු නොකළ ද සාමාන්‍ය අස්වැන්නක් ගත හැක.
එහෙත් දිගින් දිගටම වගා කරන ක්ෂේත්‍රයන්හිදී සහ වැඩි අස්වැන්නක් සඳහා පොහොර
යෙදීම කළ යුතුවේ. බීජ නිෂ්පාදනයේදි පොහොර භාවිතය මගින් හොදින් පිරුණු
නිරෝගි බීජ ලබා ගත හැක. එසේ වුවද අවශ්‍ය පමණට වඩා නයිට්‍රජන් පොහොර යෙදීමෙන් අනවශ්‍ය
වර්ධක වර්ධනයක් ඇති වී පලිබෝධ හානි වැඩි වීමත් අස්වැන්න අඩු වීමත් සිදු වේ.
බීජ වැපිරීමට පෙර පිලිවෙලින් යූරියා,සාන්ද්‍ර සුපර් පොස්පේට් සහ මියුරේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග්‍රෑම්30
, 100, 75 ලෙස හෙක්ටයාරයට යෙදිය යුතුවේ. ඉන් අනතුරුව සිටුවා දින 30කට පසු මල් පිපීම
ආරම්භයේදී යූරියා කිලෝ ග්‍රෑම් 35 හෙක්ටයාරයට යෙදිය යුතුවේ.
8. ජල සම්පාදනය කිරීම
බීජ ප්‍රරෝහනය, මල් පිපීම හා කරල් පිරීම යන අවධි වලදී ජල හිඟතාවයක්
නොතිබිය යුතුය. මුල් සති 3දී දින 3-4කට
වරක් හා පසුව දින 7කට වරක් ජලය යෙදීම ප්‍රමාණවත්ය. කරල් මේරීම හා වියළීම සිදුවන විට ජල සම්පාදනය
සීමා කළ යුතුය.
9. වල් පැළ මර්ධනය
බීජ නිෂ්පාදනයේදී බීජ සිටුවා අස්වැන්න නෙලන තුරුම ක්ෂේත්‍රය වල් පැල වලින් තොරව තබා ගැනීම ඉතා වැදගත් වේ. වල් පැල පාලනය කර ගැනිමෙන් වල් බීජ කලවම් වීම හා පලිබෝධ හානි අවම කර ගත හැකිවේ. හොඳින් බිම් සකසා ගත් ක්ෂේත්‍රයන්හි වල් පැළ එතරම් තර්ජනයක් නොවේ. එහෙත් සති 02කට වරක් මතුපිට පොහොර යෙදීම දක්වා පැළ හා පේළි අතර අතින් ගැලවීම හෝ උදලු ගෑම මඟින් වල් මර්ධනය කළ යුතුවේ. පත්‍ර වියන මඟින් පොළොව ආවරණය වූ පසු වල් පැළ වලින් ඇති කළ හැකි බලපෑම ඉතා අඩුය.
10. අස්වැන්න නෙලීම සහ සැකසීම
කරල් මේරීම සිදුවන විට දුඹුරු කළු පැහැයට හැරේ. පමණට වඩා
ක්ෂේත්‍රයේ තැබීමෙන් කරල් වැඩිපුර වියලී ගොස් පුපුරා බීජ අපතේ යාම සිදු වේ. වගාවන්හි
80% පමණ කරල් කළු පැහැවී ඇතිවිට කරල කඩා ගැනීමෙන් අස්වනු නෙලීම කළ හැක. මුං වගාවේ අස්වනු නෙලීම වාර 2-3කින් සම්පූර්ණ
වේ. හොඳින් වියළීමෙන් පසු කොළ මඩින යන්ත්‍රයකින්
හෝ ට්‍රැක්ටරයකින් පාගා හෝ කකුලෙන් පාගා බීජ වෙන්කිරීම කල හැක. පොලා අපද්‍රව්‍ය ඉවත්කර ගත් බීජ දින 02ක් පමණ
හොඳින් අව්වේ වියළා ගැනීම කළ යුතුය.
11. බීජ ගබඩා කිරීම
මාෂ බෝග වලට හානි කරන ගුල්ලාගේ හානිය,
කල් තබා ගැනීමේදී පවතින ප්‍රධාන
ගැටලුවයි. හොඳින් වියළාගත් බීජ දහයියා අළු
හෝ වැලි සමග මිශ්‍ර කර පිරිසිදු පොලිතින් මලු වල අසුරා තැබීමෙන් වැඩි කලක් ගබඩා කර
තැබිය හැකිය. ආහාරයට ගැනීමට ගබඩා කර තබන
මුං සඳහා කිසිසේත්ම කෘමි නාශක නොයෙදිය යුතුය.
එහෙත් සිටුවීම සඳහා කල්තබා ගන්නේ නම් ඇක්ටලීන් නම් කෘෂි රසායනිකය යොදා
කල්තබා ගැනීම කළ හැකිය.
https://www.youtube.com/watch?v=aWFz27OBYI4
https://www.youtube.com/watch?v=_uScLyWGdLs&t=14s
12. රෝග හා පළිබෝධ පාලනය
වගු අංක:1 මුං වගාවට වැළඳෙන ප්‍රධාන රෝගී තත්වයන්
රෝගය |
රෝග ලක්ෂණ |
පාලන ක්‍රම |
මුං කහ විචිත්‍ර වෛරස් රෝගය |
වෛරස් රෝගයකි පත්‍ර මත දීප්තිමත් කහ කොළ විචිත්‍ර ලක්ෂණ ඇති වීම ශාක කුරු වීම මල් හා කරල් නිෂ්පාදනය අඩු වීම කරල් කුඩා වීම හා කුඩා බීජ සුළු ප්‍රමාණයක් හට ගැනීම |
වෛරස් රෝගයට ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම- MI-6 බෝග මාරුව ධාරක වල් පැලෑටි විනාශ කිරීම මුලින්ම රෝග ලක්ෂණ දක්නට ලැබෙන විට ශාක ගලවා ඉවත් කර විනාශ කිරීම |
පිටි පුස් රෝගය
|
එරිසයිපේ පොලිගොනි (Erysiphe polygoni) දිලීරය මඟින් ඇති වෙයි පහල මේරූ පත්‍ර මත සුදු පැහැති ලපයි ඇති වෙයි පත්‍ර මත සුදු පැහැති කුඩක් ලෙස දිලීර ජාලය දැකිය හානිය උග්‍ර වන විට පත්‍ර දුඹුරු පැහැ වී පත්‍ර වියලී යයි ශාකය මේරීමට ප්‍රථම පත්‍ර හැලී යයි |
නිර්දේශිත දිලීරනාශකයක් යෙදීම ක්ලෝරොතැලොනිල් ලීටරයට ග්‍රෑම් 500 එස් සී සල්පර් 80% තෙත් කුඩු කාබන්ඩසීම් 50% තෙත් කුඩු |
සර්කස්පෝර් පත්‍ර පුල්ලි රෝගය
|
සර්කස්පෝරා විශේෂයේ (Cercospora spp.) දිලීරයක් මගින් හට ගනියි පත්‍ර මත දුඹුරු පැහැති රවුම් ලප ඇති වීම එම ලප වල මධ්‍යය වියලී යාම දුරටත් ආසාදනය වීමේදී මුලු පත්‍රයම වියලී යයි |
නිර්දේශිත දිලීරනාශකයක් යෙදීම (කොපර් 50% තෙත් කුඩු මැන්කොසෙබ් 80% තෙත් කුඩු ටේබ්යුකොනසෝල් ලීටරයට ග්‍රෑම් 250 ඊ සී) |
ඇස්කොකයිටා අංගමාරය
|
ඇස්කොකයිටා විශේෂයේ (Ascochyta spp) දිලීරයක් මගින් හට ගනියි පත්‍ර මත තරමක් ගිලුනු ස්වභාවයක් පෙන්නුම් කරන කහ පැහැති දාරයකින් වටවුන දුඹුරු පැහැති ලප ඇති වීම ලප විශාල වී අක්‍රමවත් හැඩති තෙත් වූ ප්‍රදේශ බවට පත් වීම අවසානයේදී ආසාදිත පත්‍ර හැලී යාම පසුව මෙම ලප කඳ, පත නටුව, මල් නටුව හා කරල් මතද දක්නට ලැබෙයි |
වගාව සදහා නීරෝගී බීජ භාවිතය බීජ දිලීරනාශකයක් මගින් ප්‍රතිකාර කිරීම අස්වැන්න නෙලීමෙන් පසු අවශේෂ විනාශ කිරීම නිර්දේශිත දිලීරනාශකයක් යෙදීම බෝග මාරුවක් අනුගමනය කිරීම |
ඇන්ත්‍රැක්නෝස් (දුඹුරු පැල්ලම්) රෝගය
|
කොලෙටොට්‍රිකම ලින්ඩමුතියානම් (Colletotrichum lindemuthianum) දිලීරය මඟින් ඇති කරනු ලබයි පත්‍ර, දඩු, පත්‍ර නටුව, කරල හා කරලෙහි නටුව මත දම් පැහැයට හුරු දුඹුරු පැහැති ගිලුනු ලප ඇති වීමයි පසුව මෙම ලප මත කළු පැහැති බීජානු දක්නට ලැබෙයි |
බීජ දිලීරනාශකයක් මගින් ප්‍රතිකාර කිරීම අස්වැන්න නෙලීමෙන් පසු අවශේෂ විනාශ කිරීම බෝග මාරුවක් අනුගමනය කිරීම නිර්දේශිත දිලීරනාශකයක් යෙදීම |
පාදස්ථ කූණුවීම
|
ෆියුසේරීයම් (Fusarium) පිතියම් (Pythium), රයිසොක්ටොනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටීයම් (Sclerotium) දිලීර විශේෂ කිහිපයක් මෙම රෝගයට හේතු වෙයි තැනින් තැන ශාක මැල වීම පාදස්ථය දූඹුරු පැහැ වන අතර පටක කූණු වීම ශාකය ක්‍රමයෙන් ලා කහ පැහැයට පත් වී වියලී මිය යයි සුදු පැහැති පිහාටු වැනි දිලීර ජාලය හානිය උග්‍ර වන විට පාදස්ථ කොටසේ දැකිය හැකිය |
අස්වැන්න නෙලීමෙන් පසු අවශේෂ විනාශ කිරීම බෝග මාරුවක් අනුගමනය කිරීම නිර්දේශිත දිලීරනාශකයක් යෙදීම |
දැල් අංගමාරය
|
රයිසොක්ටෝනියා සොලනයි (Rhizoctonia solani) දිලීරය පත්‍ර මත කුඩා, අක්‍රමවත් හැඩති, ලා කොළ පැහැති ලප ඇති වයි ලා රෝස පැහැති දිලීර ජාලය දැලක් ආකාරයට ශාක කොටස් මත පැතිරෙයි ආසාදිත ශාක කොටස් හැලී යයි |
නිර්දේශිත බීජ ප්‍රමාණය පමණක් යෙදීම නියමිත පැල ඝනත්වය පවත්වා ගැනීම පසේ ජලවහනය දියුණු කිරීම |
පලිබෝධකයා |
හානියේ ස්වභාවය |
පාලන ක්‍රම |
බෝංචි මැස්සා (Ophiomyia phaseoli)
|
පැල අවධියේදී හානි කරනු ලැබේ කීටයා ඇතුළුවීම නිසා කඳේ සනාල පටක වලට හානි සිදු වේ ශාකයට ආහාර හා ජලය ගමන් කිරීමට බාධා පැමිණේ ශාකය මැල වී පසුව කහපාට වී මැරී යයි ලපටි පැල වල ඉහල කොටස මැලවී යාම හා කඳේ පාදස්ථ ඉදිමිම |
නියමිත කාලයට (මාර්තු-අප්‍රේල්) ක්ෂේත්‍රයේ පිහිටුවීම බීජ ප්‍රතිකාරක යෙදීම කෘමි නාශක භාවිතා කිරීම |
කූඩිත්තන් (Aphis craccivora)
|
මල් පිපීමට පෙර අවධියේ හානි කරයි ශාක යුෂ උරා බීම නිසා ශාක මැලවී පත්‍ර කහපාට වේ අස්වනු ප්‍රමාණය අඩු වේ |
නිර්දේශිත කෘමිනාශක භාවිතා කිරීම |
සුදුමැස්සා (Bemisia tabaci)
|
පත්‍රවලින් යුෂ උරා බීම නිසා පත්‍ර කහ පැහැ වී මැලවී යයි මුං පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය පතුරුවා හරින රෝග වාහකයා ලෙසද ක්‍රියා කිරීම |
නිර්දේශිත කෘමිනාශක භාවිතා කිරීම
|
පත්‍ර කීඩෑවන් (Empoasca spp.)
|
පත්‍ර වලින් යුෂ උරා බීම නිසා පත්‍ර දාර කහ පැහැ වේ පසුව පත්‍ර දාරය රැලි වීම සිදු වේ හානිය උග්‍ර වූ විට පත්‍ර දාර පිළිස්සී වියලී ශාක කුරුවීයාම සිදු වේ |
නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය |
පත්‍ර කනින්නා (Liriomyza spp.)
|
කීටයා පත්‍ර අපිචර්මයට පහලින් ඇති මෘදුස්ථර සෛල ආහාරයට ගනී පත්‍රයේ සර්පිලාකාර කැණීම් සාදයි |
නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය
|
කරල් විදින මකුණන්
|
Anaplocnemis, Riptortus, Clavigralla විශේෂයේ මකුණන් විසින් හානි කරයි බීජ වලින් යුෂ උරා බීම නිසා කරල් වල අඳුරු පැහැති ලප ඇතිවේ බීජ හැකිලී දුර්වරණ වී යයි බීජ වල ගුණාත්මය අඩු බීජ වල ප්‍රරෝහණ ශක්තියද අඩු වී යයි |
නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය
|
කරල් විදින දළඹුවන්
|
Maruca vitrata, Helicoverpa armigera, Lampides boeticus සළඹ විශේෂ මගින් හානි කරයි කීටයා පත්‍ර අංකුර හා මල් එකතුකර දැලක් මෙන් සාදා එය තුලට වී ශාක කොටස් කා දමයි කරල් වලටද හානි සිදුකරයි |
නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය |
රනිල ගුල්ලා (Callosobruchus spp.)
|
ගබඩා අවධියේ හානිකරන පලිබෝධකයින් කීටයින් බීජයේ ඇතුලත කොටස් ආහාරයට ගනී පිලා අවධිය බීජය තුල ගතකර ඉන් ඇතිවන සුහුඹුලන් බීජයේ රවුම් සිදුරු සාදා ඉන් පිටවී යයි බීජ මත ඇති සුදුපැහැති බිත්තර වලින් හා රවුම් සිදුරු වලින් හානිය හදුනාගත හැක |
පිරිමිෆොස් මීතයිල් දියර මි.ලී. 25 ක් ජලය ලීටර් 10 ක දියකර ගෝනි මලුවලට ඉස බීජ ගබඩා කිරීම කොහොඹ, ගම්මිරිස් හෝ මීතෙල් බීජ සමග මිශ්‍ර කිරීම බීජ වියලා පොලිතීන් මලුවල ගබඩා කිරීම
|